ඩොලර් ප්‍රශ්නෙ නිසා බෙහෙත් ගේන එකත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් : කෙහෙළිය රඹුක්වැල්ල
රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ද යම් බලපෑමක් එල්ලවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
කෙසේවෙතත් රටතුළ ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළවෙලක් සකස් කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ සීමා ඉවත් කිරීමට රජය කටයුතු කළේ රටම මුහුණපා සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට බවයි .
එබැවින් ජනතාව සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.