ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපති ලෙස නිරෝෂන් ප්‍රේමරත්න
ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ව පත්කර තිබේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් ඔහු අද (03) සිය පත්වීම් ලිපිය ලබාගත් අතර, එම පත්වීම අද (03) සිට ක්‍රියාත්මක වනු ඇත.
ජනමාධ්‍ය ඇමති – ඩලස් අලහප්පෙරුම මහතාද නව සභාපතිවරයා හමුවී සිය සුභපැතුම් එක්කර තිබේ.
කලක් ස්වාධීන රූපවාහිනීයේ මාධ්‍යවේදියෙක් හා නිවේදකයෙක් ලෙස සේවය කළ ප්‍රේමරත්න මහතා, මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයකු ද වේ.
අවසන් වරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු ඉදිරිපත් වුවත් එයින් පරාජයට පත්විය.
මේ දක්වා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු වන සුදත් රෝහණ මහතාය.