මන්නාරම ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පිපිරීමෙන් නිවසක් ගිනිගෙන විනාශයි

මන්නාරම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ කොට්ටෙයි ප්‍රදේශයේ නිවසක (06) ගෑස් ලිපක් පිපිරීමෙන් ඇතිවූ ගිනිගැනීමක් හේතුවෙන් නිවසක් සම්පුරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

කොට්ටෙයි ප්‍රදේශයේ තනිව ජීවත්වූ කාන්තාවක් සිටි නිවසක අදාල කාන්තාව විසින් මීට දින කිහිපයකට පෙර රැගෙන ගිය ගෑස් සිලින්ඩරයක් භාවිතා කොට අද උදෑසන ආහාර පිසීම සිදුකොට ඇති අතර පසුව දහවල් ආහාර පිසීමට ආසන්න වූ අවස්ථාවේදී ගෑස් ලිප එකවරම පුපුරා ගොස් ඇති බවට ප්‍රදේශවාසීණ් පැවසූහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ගෑස් ලිප පිපීරීමත් සමග ලිපට සවිකරන ලද වයරයද පුපුරා යාමෙන් ඇති වූ ගෑස් කාන්දුවකින් ගිනිගැනීම සිදුව ඇති අතර ගින්න එකවරම පැතිරීම හේතුවෙන් කාන්තාවද එලියට පැමිණ උදව් ඉල්ලා කෑ ගසා ඇත.

පසුව ගින්න වේගයෙන් පැතිරීම හේතුවෙන් කාන්තාවගේ නිවසේ ගිනි ගැනීම සීග්‍රෙයන් වැඩී වීම හේතුවෙන් ප්‍රදේශවාසීණ් එක්ව ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් නිවස සම්පූරණයෙන්ම ගිනිගන විනාශ වී ඇත.

නිවසේ සිටි කාන්තාව ගින්න නිවා දැමීමට ගත් උත්සහකදී ඇයද සිහිමුර්ජා වීම හේතුවෙන් මන්නාරම් රෝහලට ඇතුලත් කොට ඇති අතර සිද්දිය වූ ස්ථානයට මන්නාරම් පොලීසිය පැමිණ වැඩිදුර පරික්ෂණ ආරම්භ කොට ඇත.

නිවස ගිනිගැනීමට හේතුව නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කල නොහැකි අතරම ගෑස් ලිප පිපිරී සිදුවූ ගෑස් කාන්දුවකින්ද යන්න පිළිබඳව පරික්ෂණයක් සිදුකරන බවටද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.