මහජන බැංකුව ඩොලර් මිලියන 6.9 ක්, චීන සමාගමට ගෙවයි
චීන සමාගමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කර නැවත හරවා යැවූ පොහොර වෙනුවෙන් මහජන බැංකුව ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් ලක්ෂ 14,000 කට ආසන්න මුදලක් අද (7) ගෙවා තිබේ.
ප්රමිතියෙන් තොර වීම නිසා එම කාබනික පොහොර මෙටි්රක්ටොන් 20,000 ක් සහිත ‘හිප්පෝ ස්ප්රීට්’ නෞකාවට කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදුන් අතර කොළඹ වාණිජ මහාධිකරණය එම පොහොර තොගයට අදාල ණයවර ලිපියේ ගෙවීම් අත්හිටුවා තිබුණි.
එම පොහොර වෙනුවෙන් මුදල් ගෙවීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළ අතර එම චීන සමාගම සහ ශ්රී ලංකාව එම ගැටලුව නිරාකරණය කරගන්නා බව කොළඹ වාණිජ මහාධිකරණයට දැන්වීමෙන් පසුව අධිකරණය පසුගියදා ණයවර ලිපියට ගෙවීම සඳහා පනවා තිබූ වාරණය ඉවත් කළේය.