කොවිඩ් එන්නත් ලබානොගැනීම හේතුවෙන් , ටෙනිස් තරුව ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි
ලොව අංක එකේ ටෙනිස් තරුව වන නොවැක් ජොකොවික් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර තිබේ.
ඒ, කොවිඩ් එන්නත් ලබානොගැනීම හේතුවෙන් ඔහුට ලබාදුන් වීසා බලපත්‍රය සම්බන්ධයෙන් යළිත් ගොනු කෙරුණු නඩුවක් පරාජයට පත්වෙමිනි.
මේ සම්බන්ධයෙන් කලින් ගොනු කර තිබූ නඩුව ජොකොවික් විසින් ජයගත් නමුත්, ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු රජය විසින් ඔහුගේ වීසා බලපත්‍රය යළිත් අවලංගු කිරීම සම්බන්ධයෙන් ඔහු අධිකරණය හමුවේ අභියෝගයකට ලක් කර තිබුණි.
එම අභියෝගය විනිසුරුවන් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ජොකොවික් ඩුබායි වෙත ගමන් කළ ගුවන්යානයකින් අද දිනයේදී ඕස්ට්‍රේලියාවෙන් පිටවගොස් ඇත.
ඒ අනුව, ඔහුට ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගයේ තරග කිරීමේ අවස්ථාව අහිමිවෙයි.
ජොකොවික් ප්‍රකාශ කළේ අධිකරණ තීරණයට ගරු කරමින් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට සූදානම් බවයි.
අවසන් වරට පැවති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි තුනේදීම ශූරතාවය දිනාගත් ජොකොවික්ට තවත් වසර තුනක් යනතුරු ඔස්ට්‍රේලියාවට පැමිණීමේ අවස්ථාව අහිමි වෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා තිබුණේ සිය දේශසීමා හා රටවැසියන් සුරක්ෂිත කර ගැනීමට ගත් මෙම තීන්දුව අගයන බවයි.