මත්තල ගුවන්තොටුපළ ප්‍රධාන කළමනාකරු දොට්ට..

මත්තල ගුවන් තොටුපල ප්‍රධාන කළමනාකරු ලෙස සේවය කළ උපුල් කලංසූරිය මහතාට ඊයේ (08) වැනිදා සිට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

නිරෝධයන ක්‍රියාවලියට පිටින් මාතර හෝටලයකට රුසියානු ගුවන් කාර්ය මණ්ඩලයක් යොමුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලකර ඔහු මෙසේ මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාළ පිරිසෙන් එක් රුසියානුවකුට Covid-19 වෛරසය ආසාදනය වී තිබූ අතර මේ පිරිස කොවිඩ් මධ්‍යස්ථානයට නොදන්වා රැගෙනයාම ඔහුට එල්ලව ඇති චෝදනාවයි.

කලංසූරිය මහතා කටුනායක ගුවන් තොටුපලට මාරු කර ඇත.

ඔහු වෙනුවට එම තනතුරට පත්කර ඇත්තේ එක්සත් රාජධහනියේ ගැට්වික් ගුවන් තොටුපළේ වසර 12ක කාලයක් සේවය කරන ලද විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන මහේන් අබේසේකර මහතාය.

මේ පත් කිරීම ගුවන් සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා විසින් සිදුකර තිබේ.

මහේන් අබේසේකර මහතා ද්විත්ව පුරවැසියකු බවත් මේ අතර වාර්තා වේ.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ගුවන් යානා හැසිරවීමේ තොරතුරු හෙළිවීමද කලංසූරිය මහතාගේ මාරුවට හේතුවක් වී ඇති බව ගුවන් කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.