ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබාගත් සිසුන්ට, ඔස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් 630ක සහනයක්

ඔස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් 630ක සහනයක් , ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබාගත් සිසුන් සදහා වීසා ගාස්තු කපා හැරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ අද සිට ඉදිරි මාස 02 සදහා එය බලාත්මක වන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඒ බව සදහන් කළ බවද එරට මාධ්‍ය සදහන් කරයි.

මේ අනුව එක් අයෙකු සදහා ඩොලර් 630ක් බැගින් වන මුදලක් මෙලෙස කපා හැරෙනු ඇත.
මේ වන විටත් ශිෂ්‍ය වීසා ලැබී ඇති 150,000කට ආසන්න පිරිසක් සදහ මෙම සහනය හිමිවනු ඇත.

දැනට දැඩි හිගයක්ව පවතින් ක්ෂේත්‍ර කිහිපයක රැකියා සදහා පුද්ගලයන් වැඩි වශයෙන් යෙදවීම සලකා බලා මෙම තීරණය ගත් බවද ස්කොට් මොරිසන් එරට මාධ්‍ය වෙත වැඩිදුරටත් සදහන් කර තිබේ.