20% අයත් නොවන කොටසට එන්නත් බෙදීම පෞද්ගලික අංශයට !
දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 10,000 ක් පමණ සිදුකරන බැවින්, පී.සී.ආර්. පරීක්ෂණ සඳහා දිනක වියදම රුපියල් මිලියන 60 ඉක්මවන බව සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අනුව ඒ සඳහා මසක වියදම රුපියල් කෝටි 180කට ආසන්න බවද පැවසේ.
කෙසේවුවද, පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මසකට වැයකරන රුපියල් කෝටි 180ක මුදල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) ක්‍රමය භාවිතයෙන් රුපියල් කෝටි 60ක් දක්වා 1/3කින් අඩුකරගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ඊට අමතරව ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයෙන් ඇති තවත් වාසියක් වන්නේ පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල ලබාගන්නට පැය 8ක් හෝ 10ක් පමණ ගතවුවද, මෙහි ප්‍රතිඵල විනාඩි 20කින් ලබාගත හැකි වීමයි.
කොවිඩ් එන්නත..
මේ අතර, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විස්සකට ලබාදීමට නියමිත කොවිඩ් එන්නත සඳහා රුපියල් බිලියන දහයක මුදලක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබේ.
ලබන වසරේ මැයි මාසයේදී පමණ මෙම එන්නත ලැබීමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී වෛද්‍ය රාසියා පෙන්සේ ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ජනගනයෙන් සියයට විස්සකට මෙම එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 40ක් පමණ වෙයි.
එන්නතක මිල ඇමෙරිකන් ඩොලර් 3.20 ක් නැත්නම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 600කට ආසන්න මුදලක් වනු ඇතැයි පැවසේ.
මෙම එන්නත එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙකක් ලබා දිය යුතුය.
එන්නතට අමතරව සිලින්ජර, අත්වැසුම්, ශීතාගාර පහසුකම්, ප්‍රවාහන ගාස්තු, ගබඩා පහසුකම්වලටද වැය වන ගාස්තු මෙම මුදලට අයත් වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත අනුමත කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ මණ්ඩලයේ අනුමැතිය මත එය ශ්‍රී ලංකාවට ගෙන්වීම සිදු වෙයි.
එන්නත පළමුව ලබා දෙන කණ්ඩායම ලෙස සෞඛ්‍ය සේවකයන්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා කොවිඩ් ආසාදිතයන් බව දැනට හඳුනාගෙන ඇති කොටස අයත්වනු ඇතැයි පැවසේ.
එන්නත ගෙනඒම පෞද්ගලික අංශයට
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත්ව ලබා දෙන සියයට 20ක එන්නත් ප්‍රමාණයට අමතරව අනෙකුත් ජනතාවට ලබා දීම සඳහා පෞද්ගලික අංශය මැදිහත් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී බව වාර්තා වේ.
දැනට ලෝකයේ රටවල් රැසක එන්නත් සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති අතර එම පර්යේෂණ තුන් වන අදියරේ පවතියි.