පැයක විදුලි කප්පාදුවක්

අද පස්වරු 05.00 රාත‍්‍රී 09.00 අතර වූ කාලයේ දී පැයක විදුලි කප්පාදුවක් සහ හෙට සිට දහවල් 01.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 2 ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සඳහන් කරති.

සපුගස්කන්ද විදුලි බලාගාරය ජනන කටයුතු දැවිතෙල් නොමැතිව ඇනහිටීම නිසා පද්ධතිය සමතුලිත කිරීමට මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතව තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම බත්තල විදුලි බලාගාරයේද විදුලි ජනන කටයුතු අවසන් අදියරේ පවතින අතර තවත් තාප විදුලි බලාගාර රැසක ඉන්ධන තොග පවතින්නේ අවසන් අදියරේය.

අවශ්‍ය වන ඉන්ධන දින තුනක් ඇතුලත නොලැබුණොත් පැය 3ක් දක්වා විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවකින් පසු විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.

ඉන්ධන නෞකා දෙකක් ගොඩබෑම සදහා අවශ්‍ය ඩොලර් ලබා දෙන ලෙස මහ බැංකු අධිපතිවරයාට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ඉන්ධන සහ දැවී තෙල් නිකුත් කිරිමට කටයුතු කරන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය.

දැනට විදුලිය කප්පාදු කිරීම සඳහා යෝජිත කාණ්ඩ සහ වේලාවන් මෙසේය.

A : 5.30 – 6.30
B : 6.30 – 7.30
C : 7.30 – 8.30
D : 8:30 – 9.30