මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩට යුක්තිය ඉල්ලා සන්ධ්‍යා හිස මුඩු කරයි

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන්ව 12 වසරක් පිරුණු අද (25) ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ හිස මුඩු ගා දෙවියන් ඉදිරියේ යුක්තිය ඉල්ලා සිටියාය.

අද පෙරවරු 10.30ට මෝදර කාලි කෝවිලේදී විරදම් පූජාවක් පවත්වමින් මේ ඉල්ලීම ඇය විසින් කළාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම අවස්ථාවේ ගත් ඡායාරූප පෙළක් පහත දැක්වේ. (ඡායා -Vikalpaෆේස්බුක් පිටුවෙනි)


වසර 2010 ජනවාරි 24 වනදා රාත්‍රියේ කොළඹට ආසන්න ප්‍රදේශයකදී ඔහුව පැහැරගැනීමකට ලක්වූ අතර මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය අනාවරණය කර, අධිකරණමය ක්‍රියාවලියක් හරහා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙමින් යුක්තිය ඉටුකිරීමක් සිදුව නොමැත.

ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ දිරිය ගැහැණිය වසර 12ක් පුරා ප්‍රගීත්ට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා අඛණ්ඩ අරගලයක නිරත වී සිටින්නීය.