අගමැතිගේ කටේ සැත්කමක්!
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොඳු ඇට පෙළෙහි සිදුකළ සැත්කමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව මාධ්‍ය වාර්තා කර තිබේ.
“හිරු නිවුස්” වාර්තා කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ඔහුගේ මුඛයේ සිදු කිරීමට නියමිත පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් ඊයේ (24) කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ බවයි.
එසේම අග්‍රාමාත්‍ය කාර්යාලය ට සමීප ආරංචි මාර්ගවලින් එම සැත්කම ඉතා සුළු එකක් බවද වාර්තාව වන ව එහි දැක්වේ.
එම සැත්කම සඳහා අගමැතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලෙස දීර්ඝ කලක් කටයුතු කරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තූ මහතාද එක්ව ඇතැයි පැවසේ.
මේ වන විට එක්සත් රාජධානියේ වාසයකරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තු ශ්‍රී ලංකාවට පැමිණ සිටි අවස්ථාවක මෙම සැත්කම සිදු කිරීමට සැලසුම් කර තිබූ බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම සැත්කමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.