වෛද්‍ය ප්‍රියන්තිනීට මරණ තර්ජන එල්ල වීමට හේතුව?

කිලිනොච්චියේ, පෞද්ගලික අක්ෂි ආයතනයක් කරන්න ගිය අක්ෂි මාෆියා මගඩියෙන් , සිසුන් 71 දෙනෙකු බේරා ගැනීමත් සමඟ, කඳවල රෝහලේ වෛද්‍ය නිලධාරිනී ප්‍රියන්දිනීට මරණ තර්ජන එල්ල වී තිබේ.

කිලිනොච්චිය ධර්මපුරම් අංක 1 , ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 71 දෙනෙකු සම්බන්ධ පුවත, මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග ,අක්ෂි මාෆියාව කරළියට ගෙන ආ කිලිනොච්චි වෛද්‍ය ප්‍රියන්තිනී සම්බන්ධ ප්‍රවෘත්තිය ද , දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ ලේකම් සිංගරාජා ජීවානන්දම් මහතා පැහැදිලි කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා,

කිලිනොච්චිය, කඳවල රෝහලේ වෛද්‍ය නිලධාරිනී ප්‍රියන්තිනී මහත්මියට තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුව අත්අඩංගුවේ තබන ලෙස නියෝග කර ඇත.

පසුගිය මාසයේ කිලිනොච්චියේ ප්‍රාථමික පාසලක අක්ෂි පරීක්ෂණයක් පැවැත්වූ පෞද්ගලික අක්ෂි ආයතනයක් වාර්තා කළේ , සිසුන්ගෙන් 1% කට කොන්ජන්ටිවිටිස් ඇති බවත් , ඔවුන් යාපනයේ ඔවුන්ගේ සායනයට ගෙන ගිය බවත්ය.

මාධ්‍ය ඔස්සේ පළ වූ සැකයන් මත කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලේ අක්ෂි වෛද්‍යවරයා වෙත සිසුන් පරීක්ෂා කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

පාසල් සිසුන් 300 කට වැඩි පිරිසකට , අක්ෂි ආබාධ ඇති බව කියමින් , පාසලේ විදුහල්පතිවරයකු සමග එක්වී සමහරු , දවසකින් කණ්නාඩි පාවිච්චි කරන්නයි ළමුන්ව මුලාකර , අක්ෂි කාච මංකොල්ලයට දැරූ වෑයම , වෛද්‍ය ප්‍රියන්දිනී කමලසිංහම් විසින් නතර කර ඇත.

මෙම සිද්ධියෙන් පසු , ඇයට ඇතැමුන්ගෙන් දුරකථනයෙන් දිගින් දිගටම තර්ජන හා මරණ තර්ජන එල්ලවිය. ඉන්පසු වෛද්‍ය ප්‍රියන්දිනී කමලසිංහම් , තර්ජන එල්ලකල දුරකථන ඇමතුම් පටිගතකර, ධර්මපුරම් පොලිස් ස්ථානයට භාර දී ඇත.

වෛද්‍ය ප්‍රියන්දිනීට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන , සැකකරු රඳවා තබන ලෙස නියෝගයක් ද නිකුත් කෙරුණි.

දැනට අත්අඩංගුවට පත්වී සිටින ගෝපාලක්‍රිෂ්ණනන්ගේ සංවාදයේදී ඔහු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජාතික ලැයිස්තුවෙන් පැමිණ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන්ගේ සහ සුරේන් රාඝවන්ගේ ලේකම් යනුවෙන් හැදින්වෙන එංගලන්තයේ සිට පැමිණ සිටින, සෙව්වේල් නැමැත්තාගේ නම් සඳහන් කරමින් , තමන් ජනාධිපතිතුමාගේ සගයෙක්යැයි ඇයට තරවටු කරයි.

වෛද්‍යවරියට පරුස වචනවලින් දුරකතනයෙන් තර්වටුකරන ගෝපාලක්‍රිෂ්ණනන් නැමැත්තා , මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ , වට්ටුකෝට්ටයි ප්‍රාදේශිය සභාව වෙනුවෙන් තරඟ කොට පරාජය වූ තැනැත්තෙකි.

සබැඳි පුවත්
කිලිනොච්චි තරුණ කාන්තා වෛද්‍යවරියට දේශපාලකයන්ගෙන් තර්ජන : ඇගේ ආරක්ෂාව සහතික කරන ලෙස GMOA , පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි