අරුන්දික ප්‍රනාන්දු අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි – පුත්‍රයා ඇතුළු 6ක් රිමාන්ඩ් !
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහර දුන්නේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළ සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පෙබරවාරි 07 වනදා දක්වාය.
කෙසේ නමුත් අදාල සිදුවීමේ පරීක්ෂණ නිමවන තුරු තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා උපදෙස් ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවිරිදි අවින්ද රන්දිල් ජෙහාන් බව පවසා ඇත.
රාජ්‍ය අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට බලකිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම සිද්ධිය පමණක් නොව, පසුගියදා අධිකරණ වරෙන්තු පිට විදේශගතව සිටි මත්පැන් ජාවාරම්කරුවකු රහසිගත ලෙස ඩුබායි සිට මෙරටට ගෙන්වා ඔහු රහස් පොලිසිය හරහා නිදහස් කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් පවතින චෝදනාව ද හේතුවක් වී ඇති බව පැවසේ.
දේශපාලනික වශයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟත් හිටු සම්බන්ධතා පවත්වා ගනිමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන පුද්ගලයකු ලෙස ද දේශපාලනයේ ඉහළ තලය අතර අපකීර්තියට ලක් ව ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.