බිරි‌යගේ අත්පා වෙන්වෙන්න කැපුවා! වෙඩි තබා දරුවා බලෙන් අරන් ගියා! පොලිස් වෙඩි පහරින් හොරණ නීලකට යන්නම වුණා!

අහසට වෙඩි තබා සිය මිත්තණිය භාරයේ සිටි තම දරුවා පැහැරගෙන ගිය බවට වාර්තා වූ හොරණ නීලක නැමැත්තා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇත.

සැකකරු මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු වන අතර නීලක නැමැත්තා අදාල නිවස ඉදිරිපිටට පැමිණ ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා මෙලෙස සිය දරුවා පැහැරගෙන ගොස් තිබිණ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔහු මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදුකර ඇත.

එම සිද්ධියෙන් අනතුරුව ඔහුගේ දරුවා නැන්දම්මා භාරයේ සිට ඇති අතර හෙට දින පරිවාස භාරයට පත් කිරීමට නියමිතව සිට ඇති බව සදහන්ය.