මහරගම දී මියගිය නර්තන ශිල්පිනී ඉවන්තිකා සියදිවි නසාගත්තාද? ඝාතනය කළාද?
මහරගම, පමුණුව දුම්රියපොළ මාවතේ සුපිරි නිවාස සංකීර්ණයක ගෙල වැලලාගෙන තරුණියක් මියගිය බවට වාර්තා වුයේ පසුගිය 12 වනදායි.
එලෙස සියදිවි හානි කරගෙන තිබුණේ අබේකෝන් මුදියන්සේලාගේ ඉවන්තිකා කුමාරි හේරත් හෙවත් බොහෝ සමාජ මාධ්‍යයන්හි අචිනි හේරත් ලෙසින් පෙනී සිටි තැනැත්තියකි. ඇය මෑත කාලයේ ප්‍රසංග වේදිකාවේ අතිදක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස ප්රකටව සිටි තරුණියකි.
1994 වසරේදී කුරුණෑගල, අඹගස්වැව, හිරියාල, තරණගොල්ලේ උපන් ඉවන්තිකා කුමාරි හිරියාල, අඹගස්වැව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන සමයේදීම නර්තන ශිල්පිනියක් ලෙස හපන්කම් පෑ තැනැත්තියකි.
ඇය මීට වසර හත-අටකට පමණ පෙරදී නර්තන ශිල්පිනියක් ලෙස ප්‍රකට වූයේ ජනප්‍රිය නර්තන කණ්ඩායමක් වන නිට්ටඹුව ‘ඔමායා‘නර්තන කණ්ඩායම හා එක්ව ප්‍රසංග වේදිකාව, බොහෝ විද්‍යුත් මාධ්‍යයන්හි පෙනී සිටින්නට වීමත් සමඟිනි.
පසුගිය කාලයේ නර්තන ශිල්පිනියක ලෙස ඉවන්තිකා ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ශිල්පිනියක ලෙස ප්‍රකට වූවා ය. කොවිඩ් වසංගතයත් සමඟ නර්තනයට එතරම් ඉඩ ප්‍රස්ථාවක් නොමැති වීමත් සමඟ ඉවන්තිකා කුමාරි මෑතක සිට නිරූපණ ක්ෂේත්රයටද පිවිස සිටියාය.
28 වැනි වියේ පසුවූ ඉවන්තිකා පිළිබඳ ඉකුත් පෙබරවාරි 12 වැනිදා සැලවූයේ අනූවේදනීය පුවතකි. ඒ, ඉවන්තිකා කුමාරි මහරගම සුඛෝපභෝගී මහල් නිවාසයක කාමරයක් තුළදී ගෙල වැළලාගෙන අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි.
ඉවන්තිකා පසුගිය මාස දහයක පමණ කාලයක සිට වාසය කර ඇත්තේ මහරගම දුම්රිය පොළ මාර්ගයේ (රේල්වේ ඇවනිව්) පිහිටි ‘සඳරසි රෙසිඩන්සිස්‘ නමැති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ කාමරයක් කුලියට ගෙනයි.
ඒ කාමරයේ මාසික කුලිය පමණක් රුපියල් 30,000ක් මුදලක් ගෙවා තිබිණි. ඊට ඇයට බරපැන දරා ඇත්තේ ඇයගේ පෙම්වතා බවට සැල වේ. ඔහු 40 හැවිරිදි තිදරු පියකු වන නිකවැරටිය, විල්ලගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකි.
මීට වසරකට පමණ පෙරදී ඉවන්තිකාට හමු වූ එම මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් අනතුරුව ඇයව මහල් නිවාසයේ කාමරයක් කුලියට ගෙන නවතා ඇත. අනතුරුව ඔහු විටෙන් විට ඇයව මුණගැසීමට මහල් නිවාසයට ආගිය බවක් කියැවේ.
ඉකුත් 12 වැනිදා රාත්‍රී 9.30ට පමණ එම පුද්ගලයා මහල් නිවාසයට පැමිණ තිබිණි. එම අවස්ථාවේ මහල් නිවාසයේ දෙවැනි මහලේ අංක 16 නිවෙසේ විසූ ඉවන්තිකා රෙදි පටකින් ඒ කාමරයේ විදුලි පංකාවේ එල්ලී ගෙල වැළලාගෙන සිටි බව තමන් දුටු බව විමර්ශන සිදුකළ මහරගම පොලිස් නිලධාරීන් ඉදිරියේ පවසා තිබිණි.
එසේ විදුලි පංකාවේ එල්ලී සිටි ඉවන්තිකා ඒ පුද්ගලයා විසින්ම ගෙල වැළලාගෙන සිටි රෙදි පටෙන් ගලවාගෙන සැණින් කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබුණේ තම පෞද්ගලික රථයෙනි. එහෙත් ඇය ඒ වන විටත් මෙලොව හැර ගොස් තිබුණාය.
ඒ අතරේ මහල් නිවාසයේ විසූ තරුණියක ගෙල වැළලා ගෙන බව සඳහන් කරමින් පුද්ගලයකු විසින් දුරකථන ඇමැතුමක් දෙමින් මහරගම පොලිසිය දැනුම්වත්කර තිබිණි.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහම් ප්රමුඛ පොලිස් නිලධාරි කණ්ඩායම එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කෙරිණි. ඒ වන විට ඉවන්තිකාගේ පෙම්වතා විසින් ගෙල වැළලාගෙන සිටි ඉවන්තිකාව කළුබෝවිල ශික්ෂණ රෝහල කරා ගෙන ගොස් තිබිණි.
ඒ අතරේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තම පොලිස් වසමේ මහල් නිවාසයක තරුණියක ගෙල වැළලාගෙන ඇති බව සඳහන් කරමින් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරීන් ද දැනුම්වත් කිරීමට කටයුතු කළේය.
අනතුරුව ඉවන්තිකා ගෙල වැළලාගෙන සිටි ස්ථානය නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සොකො) නිලධාරීන්ද කැඳවා විමර්ශන සිදු කරන්නට මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින් කටයුතු කළහ.
පසුදා නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ද එම ස්ථානය පිළිබඳ ස්ථානීය පරීක්ෂාවක් සිදු කෙරිණි. අතරේ මහරගම පොලිසිය විසින් ඉවන්තිකා රෝහල්ගත කළ ඇයගේ පෙම්වතාද පොලිසියට කැඳවා ප්‍රශ්න කරන්නට විය.
එහිදී ඔහුගෙන් අනාවරණය වූයේ එදින රාත්‍රී 9.30ට පමණ තමන්, ඉවන්තිකා නතරවී සිටි කාමරයට පැමිණෙන විට ඇය කාමරයේ විදුලි පංකාවේ රෙදි පටකින් එල්ලී ගෙල වැළලාගෙන සිටි බවත් සැණින් තමන්, ඇයව තම පෞද්ගලික රථයෙන් රෝහල කරා රැගෙන යෑමට කටයුතු කළ බවයි.
එහෙත් ඉවන්තිකා කළුබෝවිල රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටියේය. නිරපරාදේ අවාසනාවන්ත ලෙස සියදිවි හානි කරගත් ඉවන්තිකාට බාල සහෝදරයෙක් පමණක් වේ.
ඇය නර්තනය සහ නිරූපණ ක්ෂේත්රයට පිවිසීම පිළිබඳ මවුපියන් එතරම් කැමැත්තකින් පසුවී නැත. ඇය මෑත කාලය තුළ මවුපියන්, ඥාති හිතවතුන් සමඟ සබඳතා පවත්වා ඇත්තේම නැති තරම්ය.
ඇය කලාතුරකින් හෝ දුරකථන ඇමැතුමක් දී සුවදුක් කතාබහ කර ඇත්තේ තම සහෝදරයා සමඟ පමණි. තම ගම් ප්‍රදේශය වන හිරියාල, තරණගොල්ලට කලෙකින් නොගිය ඉවන්තිකා කොළඹ ප්‍රදේශයේම වෙසෙමින් නර්තනයේ, මෝස්තර නිරූපණ කටයුතු ආදියෙහි නිරත වෙමින් කල් ගෙවා තිබුණාය.
ගෙල වැළලාගෙන මියගොස් සිටි ඉවන්තිකාගේ මරණය පිළිබඳ මුලින් යම් ආකාරයක සැකයක් පහළ වී තිබුණේ ඇය සියදිවි හානි කරගත්තේද නැතිනම් ඇයව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් ඝාතනය කළේද යන්න අබිරහසක් මවමිනි.
ඒ අතරේ මහරගම පොලිසිය විසින් ඉවන්තිකාගේ මරණය පිළිබඳ ඇයගේ පෙම්වතා මෙන්ම මහල් නිවාසයේ විසූ තිදෙනෙකුගෙන් මෙන්ම ඇයගේ මවුපියන් ඇතුළු හත්දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන සිදු කෙරිණි.
පසුගිය 14 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි දසනායකගේ මෙහෙයවීමෙන් අධිකරණ වෛද්‍ය නිලධාරි බොරුක්ගම සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබුණේ මියගිය ඉවන්තිකා විසින්ම ඇය රැඳී සිටි කාමරයේ විදුලි පංකාවේ රෙදි පටක ආධාරයෙන් එල්ලී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.
ඇයගේ ශරීර අභ්‍යන්තරයේ වෙනත් කිසිදු ආකාරයක ගැටීම් හෝ පහරදීම් වැනි කිසිවක් දක්නට නොමැති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබිණි.
එහෙත් ඇයගේ ළඟම හිතෛෂීන් පවසන්නේ ඉවන්තිකාට සියදිවි නසා ගැනීමට තරම් කිසිදු ප්‍රශ්නයක් නොවූ බවයි. කෙසේ හෝ මේ වන විට නර්තනයෙන් හපන්කම් පෑ ඉවන්තිකා මෙලොවින් සමුගෙන අවසානය.
දුරදිග නොබලා ක්ෂණික සිතුවිලි ඔස්සේ මෙලෙස නිරපරාදේ ජීවිතයෙන් සමුගෙන පලා යෑම මොනතරම් පාපකර්මයක් ද? දෙමවුපියන් සිය දරුවන් උස්මහත් කරන්නේ මොනතරම් බලාපොරොත්තු සිතුවිලි ගොන්නක් පෙරදැරි කරගෙනද? ඒ නිසා තරුණ දුවාදරුවන් තම සිතැඟි පරිදි ක්ෂණික තීන්දු තීරණ ගැනීමට පෙර තම කරඳඩු උස්මහත් කළ වැඩිහිටි දෙමවුපියන් ගැන හෝ සිතන්නේ නම් මැනවි.