ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, හිටපු හමුදා නිලධාරීන් 4ක් ගෙදර යවයි! පරිපාලන නිලධාරීන් පත් කරයි!

ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන් සිව් දෙනකු ඉවත් කොට ඒ වෙනුවට පරිපාලන නිලධාරීන් සිව්දෙනකු පත්කිරීමට නව ජනාධිපති ‌ලේකම් ගාමිණී සෙනරත් මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සිටි විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙල මහතා නව පත්කිරීම් යටතේ ප්‍රවාහන අධ්‍යක්ෂ ධූරයට පත් කොට ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපති අතිරේක ලේකම් ධූරයට නීතීඥ චමින්ද කුලරත්න පත් කොට තිබේ.

ජනාධිපති අරමුදලේ ‌ලේකම්වරයා ඉවත් කොට දුමින්ද නානායක්කාර මහතා පත් කොට ඇත.

ජනාධිපති මහජන පැමිණිලි ඒකකයේ නව අතිරේක ලේකම්වරයා ඉවත් කොට නිශාන්ත වීරසිංහ මහතා පත් කිරීමටද පියවර ගෙන ඇත.

ඉකුත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ් කාල සමයේදී ජනාධිපති අරමුදලේ ලිපි ගොනු විශාල සංඛ්‍යාවක් ගොනුවීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමීණිලි ගණනාවක් මුල් කරගෙන ගාමිණී සෙනරත් මහතා මෙම වෙනස්කම් සිදු කොට තිබේ.