මේ රජයෙන්නම් පාස්කු අපරාධයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු වෙන්නෙ නෑ… කාදිනල් හිමි…

මේ ආණ්ඩුව හෝ එහි නායකයින් නැති කාලයකවත් සාධාරණය ඉටුවෙතැයි බලන් ඉන්නවා!
මේ රජයෙන්නම් පාස්කු අපරාධයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු වෙන්නෙ නෑ… කාදිනල් හිමි…

මේ ආණ්ඩුව හෝ මේ නීතිපති දෙපාර්තමේන්තුව හෝ පාස්කු අපරාධය සම්බන්ධ කිසිම සාධාරණයක් ඉටු නොකරන බව ප්‍රත්‍යක්ෂ වී ඇති වටපිටාවක මේ රජය හෝ මේ රජයේ නායකයින් නැති අනාගත ආණ්ඩුවකින් යුක්තිය ඉටුවන තුරු බලාගෙන සිටින්න සිදුවී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ වකවානුවේ සමහරවිට තමන් වහන්සේ ද නොසිටිනු ඇතැයි කාදිනල් තුමෝ කීහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සියලුම කොමිෂන් සභා වාර්තා සමීක්ෂණයට ලක් කර ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම විසින් සම්පාදිත “තිත“ කෘතිය එලිදැක්වීමේ උළෙලට අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණයෙන් සම්බන්ධ වූ කාදිනල් හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

දැන් අවුරුදු දෙක හමාරකුත් පැනලා. අවුරුදු තුනක් ඉවර වෙන්න යන කාලය වෙනකොට මේ තාක් දුරට මේ තාක් දුරට යුක්තියක් ඉෂ්ටවුනා කියලා අපට කොහොමටවත් පිළිගන්න බෑ.

ජනාධිපති කොමිෂන් සභාවේ දුන්න සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා තියනවා. ඒ වෙළුම් කීපය අපි ඉල්ලා ලිපි යවලා තියනවා. ඒ පිළිබඳව අපව දැනුම්වත් කරන්න කියලා තියනවා. ඉල්ලීම් කරලා තියනවා. නමුත් ඒ කිසිම ඉල්ලීමක් සලකන්නෙ නැතිව ඒ සාක්ෂි සඟවා තැබීමට ඉස්සරලා හටපු රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියනවා.

දැන් සිදුවෙන්නෙ තනිකරම නීතිපති තුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා ඒ යුක්තිය ඉෂ්ට නොවන මට්ටමට පැමිණීමයි.

ඒ ගැන අපි ඇත්තවශයෙන්ම බලවත් සේ කණගාටුවට පත් වෙනවා. ඒ නිසා අපි මේ රජයට අපට මේ පිළිබඳව දුන්න පොරොන්දු එකක්වත් ඉෂ්ට කරලා නැති බව පැහැදිලිවම ප්‍රකාශ කරන්න පුලුවන්.

ඒ වගේම මේ කාරණාවස සම්බන්ධව පැහැදිලිවම දැනගෙන ඉඳලා එය වැළැක්වීමට මුකුත් නොකරපු රාජ්‍ය නායකයො සහ උසස් බුද්ධි අංශවල නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරලා ඔවුන්ට උසස්වීම් ලබා දීලා මේ නීතියේ වැඩපිළිවෙළ විහිලුවකට පත් කරලා තියනවා දැන් ඉන්න රජය.

ඒක මම කෙලින්ම ඒ අයට චෝදනා කරනවා මේ සම්බන්ධව.

කවදා හරි දවසක අපිත් නැතිව මේ රජයෙ නායකයොත් නැතිව ඉස්සරහට එන්න තිබෙන රජයකින් හෝ මේ යුක්තිය අපට ඉෂ්ට වෙනවා නම් ඒක එදාට සිදුවෙනකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපට තියෙන්නෙ.

දැන් තියන රජය ගැන හෝ දැන් තියන නීතිපති දෙපාර්තමේන්තුව ගැන හෝ කිසිදු විශ්වාසයක් තබන්නට අපට බැරි බව දැන් පැහැදිලිව පෙනෙනවා.