ගෝඨා ප්‍රමුඛ රජයට එරෙහිවය විදේශගත ශ්‍රී ලාංකිකයෝ පෙළ ගැසෙති! (Photo/Video)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අද විරෝධතාවක නිරත වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවති පෙලපාලි වලට විශාල ජනකායක් සහභාගී විය.
ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, වේල්සය, එක්සත් ජනපදය, ජර්මනිය, නවසීලන්තය, කැනඩාව, ජපානය සහ සිංගප්පූරුව යන රටවල මෙම විරෝධතා පැවැත්විණි.
“ගෝඨා ගෙදර යන්න” (Goto Go Home) යන සටන් පාඨයද පැමිණ සිටි ජනතාව විසින් නැඟූහ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙලා.
මේ නිසා ශ්‍රී ලාංකීය ජනතාව රජයට එරෙහිව ඒකරාශී වී විරෝධතා දැක්වීමට පටන් ගෙන තිබේ.
ශ්‍රී ලාංකීය ජනතා අරගලවලට සහය පළකරමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයේ නිරතව සිටිනවා.