උද්ඝෝෂණය මැද්දට ආයුධ ගත් යුනිෆෝම්කාරයො එව්වේ කව්ද? කව්ද දැන් මුදල් ඇමැති! සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! (VIDEO)

ඊයේ පොල්දූව මංසන්ධියේ පැවැති උද්ඝෝෂණය අතරතුර අවි රැගෙන නිල ඇදුමින් සැරසී යතුරුපැදිවලින් පුද්ගලයන් එවීමට පියවර ගත්තේ කවුරුන්දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

මීට අමතරව වර්තමානයේදී මුදල් අමාත්‍යවරයා කව්රුන්ද යන්නත් විපක්ෂනායකවරයා ප්‍රශ්න කර සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දැනට රට තුළ පවතින මූල්‍ය අර්බූදය සදහා කෙටිකාලීන විසදුමක් ලෙස පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය කළ නිරුපමා රාජපක්ෂ මහත්මිය සතු මුදල් අත්පත් කරගන්නා ලෙස හෙතෙම අවධාරණය කළේය.