කොවිඩ් 19 තත්ත්වය හමුවේ රජයට සහය දෙන බව රෝසි කියයි

කොළඹ නගරයේ ජීවත් වන පවුල්වලින් තුනෙන් එකක් හුදෙකලා ප්‍රදේශවල වෙසෙන අය බවත් ඔවුන්ට කිසිදු ආදායමක් නොමැති තත්ත්වයක් පවතින බවත් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පීඩාවට පත්ව සිටින ඔවුනට වියළි ආහාර හා රුපියල් 5000ක දීමනාව ලබා දීමට කටයුතු කරන්නැයි ඇය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වන විට කොළඹ මහ නගර සභා සීමාවෙන් කොරෝනා ආසාදිතයින් 3,410 දෙනෙකු වාර්තා වී ඇතැයි ද නගරාධිපතිනිය පැවසුවාය.

ජනාධිපතිවරයා රටට පැහැදිලිව ප්‍රකාශ කර ඇති පරිදි රෝගීන් පාලනය කර ගන්නා අතරතුර ආර්ථිකය ද හසුරුවා ගැනීමට කටයුතු කරන බව ද ‘කොළඹ වැටුණොත් රට ම වැටෙන නිසා සියලු අභියෝග මැද වුව ඊට මුහුණ දීමට රජයට කොළඹ නගර සභාවේ සහය පෙර මෙන් ම ඉදිරියටත් ලබා දෙන’ බව ද ඇය පැවසීය.