කොවිඩ් මරණ ගැන අසත්‍ය පැතිරූ තවත් අයෙක් අත්අඩංගුවට

කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවන මරණ පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය දිනවල මහමග ඇදවැටී පුද්ගලයන් කිහිප දෙනෙකු මියගිය අතර අදාල මරණවලට හේතුව කොවිඩ් 19 වෛරසය බව මෙම පුද්ගලයා විසින් සමාජ ජාලා මාධ්‍ය හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කර තිබූ අතර මීට අමතරව වෛරසය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය යාන්ත්‍රණය විසින් ගෙන ඇති පියවර විවේචනය කර තිබිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අද (16) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම චෝදනා මත මීට පෙර කඩුගන්නාව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.