ආණ්ඩුව , මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ඉදිරියට : අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් !
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමේ යෝජනාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පෙරවරු 11 .30 ට මෙම හමුව පැවැත්වුණා.
රටේ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම, ආණ්ඩුවේ අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇති බවයි වාර්ථා වන්නේ.
මේ අතර දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලගන්වා, විසිවැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්කර තිබෙනවා.