කොරෝනා මැඩලන තවත් එන්නතක් සාර්ථක වෙයි – මෙවර 95%ක්

මූලික දත්ත අනුව තමන් විසින් අත්හදාබැලු කොවිඩ් එන්නත 95% පමණ සාර්ථක බව අමෙරිකාවේ මොඩර්නා නම් සමාගම පවසනවා. එළඹෙන සති කිහිපය තුළදී එම එන්නත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව එම සමාගම පවසයි.

 

මීට දින කිහිපයකට පෙර ජර්මනියේ බයෝ එන් ටෙක් සහ අමෙරිකාවේ ෆයිසර් සමාගම් එක්ව නිපද වූ තවත් එන්නතක් 90%ක් පමණ සාර්ථක බවට වාර්තා වුන නමුත් එම එන්නතට මෙතෙක් අවශ්‍ය අනුමැතිය ලැබී නැහැ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!