මහජන අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ජනගත කෙරේ !
ගාලුමුවදොර මහජන අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම අද (05) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේදී “අරගලයේ හෙට දවස” මැයෙන් ජනගත කර තිබෙනවා.
මෙම සැලැස්ම අදියර 06 කින් සමන්විත වන අතර, අරගලයේ පරම අරමුණ මුදුන්පත් කරගැනීම සඳහා සියලු අරගලකරුවන්ගේ එකඟතාවය ඇතිව එය ඉදිරිපත් කෙරෙන බවයි එහි සඳහන් කර ඇත්තේ.
ක්‍රියාකාරී සැලැස්මේ අදියර 06 පහතින්.
ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි.
රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රෙජිමය ඇතුළු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි.
ගෝඨා-රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සාමාජීය, දේශපාලන අරමුණු සහ අභිප්රායන්ට අනුකූල අන්තර් පාලනයක් බිහිවිය යුතුයි.
ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමෙන් අනතුරුව, ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තෙක්, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කළ හැකි ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.
ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මඟින් කඩිනමින් සම්මත කළ යුතුයි.
අන්තර් කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර, එම පාලන ව්‍යුහය මාස 12 ක උපරිමයකට යටත්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සමඟින් අවසන් විය යුතුයි.
සම්පූර්ණ යෝජනාවලිය පහතින්,