අරගලය දිනවන සම්මුතියට සජිත් එකඟ වෙයි! අරගලකරුවන් සමග මුහුණට මුහුණ ප්රශ්න කතා කරයි!
‘පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක්’ වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සහ පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ අරගලකරුවන් එක් කරන ‘අරගලය දිනවන සම්මුතිය’ මහ සමුළුව (06ද) රාමඩා හෝටලයේදී පැවැත්විණි.
‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ මෙහි මැදිහත්කාර පාර්ශ්වය ලෙස සංවිධාන කටයුතු සිදු කරනු ලැබීය.
ගෝල්ෆේස් අරගල භූමිය ඇතුළු මෙරට පොදු මහජන අරගලයේ නිරත අරගලකරුවන්ගේ මූලික ඉල්ලීම්වලට එකඟ වන පාර්ශ්ව මීට එක්විය.
“අරගලය දිනවන සම්මුතිය මැයෙන්” සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් සංවිධානය කර තිබූ අදාල සම්මුතිය එළිදැක්වීමද එහිදී සිදුවිය. අරගලය දිනවන සම්මුතිය විශේෂ කරුණු හයකින් අන්තර්ගත වන අතර එය ජයග්රහණය කරවීම වෙනුවෙන් සර්ව පාක්ෂික අරගලකරුවන් කැපවන බව ද ඔවුන් පැවසූහ.