මුහුදු ආරක්ෂකයින් 8කට කොවිඩ්

මුහුදු ආරක්ෂකයින් නිරෝධායනය කිරීම සඳහා උනවටුන හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි 08 දෙනෙකුට  අද (16දා) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

මෙම මුහුදු ආරක්ෂකයින් 14දා ගාලු වරායෙන් මෙරටට පැමිණ ඇත. ඔවුන් පී.සී.ආර් පරික්ෂණවලට ලක්කිරිමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානට යොමුකොට ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ආසාදිතයන් අතර ලාංකකයන් 03නෙකු හා සර්බියානු මුහුදු ආරක්ෂකයින් ද සිටින අතර ඔවුන් ප්‍රථිකාර සඳහා හම්බන්තොට රෝහලට යොමු කොට තිබේ.