පහේ ශිෂ්‍යත්වයේ ලකුණු 200 යේ සුපිරි හපනුන් 10 දෙනා

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල අලූත් කරමින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට දරුවන් 10 දෙනකු ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු මට්ටම වන ලකුණු 200ම ලබාගෙන ඇත.

මෙලෙස උපරිම ලකුණු ලබාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙසේය.

එම්. එෆ්. මොහොමඞ් අමර් -මරදාන සහිරා විද්‍යාලය
ඒ. එච් සිහත් සන්දිනු – ඇරැුව්වල පන්නිපිටිය ධර්මපාල ප‍්‍රාථමික විද්‍යාලය
දෙව්ලි යසස්මි තිලකරත්න – ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලය
එම්. ඞී. එච්. සස්මිත ගුණතිලක – කළුතර, බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය
එස්. ඞී. සියති විතුම්සා – ගාල්ල, සංඝමිත්තා බාලිකා විද්‍යාලය
ඩබ්ලිව්. ඒ තසිඳු කවිශාන් – තංගල්ල ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලය – කදුරුපොකුණ,
පී. කේ. දොවිඳු චිරන්ජිත් – ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය
එච්. එම්. සෙනුදි දම්සරා – ඇහැලියගොඩ ප‍්‍රාථමික විද්‍යාලය
එච්. එම්. තේනුජ මනුමිත බණ්ඩාර – පොළොන්නරුව සිරිපුර ප‍්‍රාථමික විද්‍යාලය
යෙහාරා යෙත්මිණි ඈපා – මහනුවර උසස් බාලිකා විද්‍යාලය

මෙවර ප‍්‍රතිඵල සකස් කිරීමේදී දිවයිනේ හෝ දිස්ත‍්‍රික්ක වශයෙන් සිසුන්ගේ මට්ටම් ප‍්‍රකාශයට පත් නොකළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඊයේ පැවසීය.

ශිෂ්‍යත්ව විභාගය ඉකුත් ඔක්තෝබර් මස 11 වැනිදා විභාග මධ්‍යස්ථාන 2935 කදී පැවැත්විණි. විභාගයට අයැදුම්කරුවන් 3,31,741ක් අයදුම් කර තිබූ අතර විභාග සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 2.26,264කි.

විභාගය සඳහා විශේෂ අවශ්‍යතා සහිත අයැදුම්කරුවෝ 552ක් පෙනී සිටියහ. අයි. ඞී. එච්. රෝහලේ නිරෝධායනය වෙමින් සිටි සිසුහු 3 ක් සහ කොරෝනා ආසාදිතව සිටි සිසුහු 2ක්ද, අපේක්ෂා රෝහලේ සිට අයැදුම්කරුවෝ 3 දෙනෙක්ද විභාගයට පෙනී සිටියහ.

ඊයේ නිකුත් වූ ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අනුව සිසුන් 20,000කට ශිෂ්‍යාධාර හිමිවන අතර ඉන් ශිෂ්‍යාධාර 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන් කෙරේ.