ගෝඨා සිංගප්පූරුවේ සිට ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට
ජනාධිපති සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත මේ වනවිට එවා ඇති බව දැනගන්නට ඇත.
සිංගප්පූරුවට ගොඩ බට වහා මෙම ලිපිය එවා ඇති බව වාර්තා වේ.
ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම ඉල්ලා අස්වීමේ ලිපිය වට්ස්අප් මාර්ගයෙන් කතානායකවරයා වෙත එවා ඇති බවත්, දුරකතනයෙන් කතානායකවරයාට කතා කොට ඒ පිළිබද ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බවතිය.
එහිදී ලිපිය තමන්ට ලැබෙන තෙක් එය ප්‍රකාශයට පත් කළ නොහැකි බව කතානායකවරයා දැනුම් දී ඇති අතර එවිට රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඉල්ලා අස්වීමේ ලිපිය අද මධ්‍යම රාත්‍රියේ ලංකාවට පැමිණීමට නියමිත ගුවන් යානය මගින් ලංකාවට එවීමට කටයුතු කරන බවකි.