ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ ඊයේ (16) රාත්‍රී ලන්ඩනයේ දී අභාවප්‍රාප්ත වේ.
බීබීසී ‘සංදේශය (සිංහල සේවයේ) හිටපු ප්‍රධාන සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ ඊයේ (16) රාත්‍රී ලන්ඩනයේ දී අභාවප්‍රාප්ත වී ඇත.
පසුගිය මාස කිහිපයේ තරමක රෝගී තත්වයෙන් පසුවී ඇති ඔහු රෝහල් ගතකිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ප්‍රියත් ලියනගේ විජය පුවත්පත් ආයතනයේ ජායාරුප ශිල්පියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භකළේය , ඔහු ආන්දෝලනාත්මක චිත්‍රපට කිහිපයක තිර රචකයා ද වේ. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඉර මැදියම’ ඉන් එක චිත්‍රපටයකි.
වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ ‘දඩයම’ චිත්‍රපටයේ නිශ්චල ජායාරුප ශිල්පියා වන්නේ ද ප්රියත්ය.
බීබීසී ලෝක සේවය වෙනුවෙන් ප්‍රියත් ලියනගේ විසින් නිර්මාණය කරන ලද ‘පළමු ලෝක යුද්ධයේ මැකී ගිය හඬ'(Ghostly Voices of The World War one) විශේෂාංගයට හොඳම ගුවන් විදුලි විශේෂාංගය සඳහා පිදෙන ජාත්‍යන්තර සම්මානයක් හිමිවිය.
ප්‍රියත් ලියනගේ ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසති.