රනිල්ගේ සර්ව පාක්‍ෂික ආණ්ඩු උත්සාහය බිද වැටේ..

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීමේ උත්සාහය බිඳවැටී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටියි.

පක්ෂ ලෙස ආණ්ඩුවට එක්වීමට පාර්ලිමේන්තුවේ බොහෝ පක්ෂ අකමැති වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම හේතුව මත ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි.

කෙසේ වෙතත් දේශපාලන පක්ෂ ලෙස නොවුනද පක්ෂ වලින් වෙන් වෙන් වශයෙන් මන්ත්‍රීවරු පැමිණි ආණ්ඩුවට එක් වීම මත ඔවුන්ට අමාත්‍යධුර ද ලබාදීමට නියමිතව තිබේ.

එම අමාත්‍යවරුන් එලැඹෙන සතියේ දී දිවුරුම් දීමට සැලසුම් කර ඇත