අරගලය නීති විරෝධී නම් රනිල්ගේ ජනාධිපතිකමත් නීති විරෝධීයි :උපුල් කුමරප්පෙරුම (Video)
ජනපති රනිල් වික්‍රමසිංහ පවසන ආකාරයට අරගලය පැවැත්වූ ආකාරය නීති විරෝධී නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ ආකාරයත් නීති විරෝධී බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික, නීතීඥ උපුල් කුමරප්පෙරුම පවසයි…
ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත් නව ජනවරමකට ඉඩදෙන ලෙසත් ආණ්ඩුවට බල කරමින් දැවැන්ත ජන සහභාගීත්වයකින් යුතුව අද නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගභූමියේදී පැවැත්වූ අරගලයේ ජන බලය ජන රැළිය අමතමිනි.
මෙම රැලිය සඳහා ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයත්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, වෛද්‍යවරු, නීතීඥයින්, ආචාර්ය මහාචාරුයවරු ඇතුළු විශාල වෘත්තික පිරිසකුත් එක් වී සිටියහ.
මෙම ජන රැළිය අමතමින් නීතිඥ උපුල් කුමරප්පෙරුම මෙසේද පැවසීය.
“රනිල් වික්‍රමසිංහ මේ වනවිට මර්දනය ආරම්භ කර තිබෙන්නේ අප්‍රේල් 09 වෙනිදා සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීම දක්වා සිදු වූ ක්‍රියාවලියට නායකත්වය දීපු තරුණයන්ට එරෙහිව. එතකොට රනිල් වික්‍රමසිංහ කියනවානම් අගමැතිවරයා ඉවත් කරන්න අරගල භූමිය හැසිරිච්ච ආකාරය වැරදියි කියලා, එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න අරගල භූමිය හැසිරිච්ච විදිහ නීතිවිරෝධියි නම් එතනින් එහාට සිදුවෙච්ච හැමදේම නීතිවි රෝධියි.
ගෝටාබය රාජපක්ෂ ඉවත් වීමත් නීති විරෝධියි. ගෝටාබය රාජපක්ෂගේ ඉවත්වීම නීතිවිරෝධියිනම් රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් නීතිවිරෝධියි. මොකද ගෝටාබය රාජපක්ෂ පිටරටකට ගිහිල්ලා, පලා ගිය පුද්ගලයෙක් මේ රටේ ජනතාවගේ බලපෑමක් මත ඉල්ලා අස්වීමේ ලිපියක් ලබා දුන්නනම් අපිට නීතියෙන් තර්ක කරන්න පුළුවන් කාරණයක් තමයි ඒ ඉල්ලා අස්වීම නීතිවිරෝධියි කියලා.
ඒ ඉල්ලා අස්වීම නීති විරෝධියි නම් එතනින් එහාට සිදුවන සියලුම දේවල් නීතිවිරෝධී බවට පත්වෙනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් නීතිවිරෝධියි. මේ ආකාරයට දිනේෂ් ගුණවර්ධනගේ අගමැති පත්වීමත් නීති විරෝධියි. කැබිනට් මණ්ඩලයත් නීති විරෝධියි. අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීමත් නීති විරෝධියි…”