Gota Go Home විදෙස් උද්ගෝෂකයන් පසුපසත් පොලීසිය පන්නයි !
මැයි 09 වැනිදා ඇති වූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලිසියේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අර්ජුන අමදෝරු නමැත්තෙකි.
ප්‍රංශයේ පදිංචිව සිටින මෙම පුද්ගලයා සිය ඥාතීන් බැලීම සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සැකකරු ‘ගෝඨා ගෝ හෝම්’ ප්‍රංශ විරෝධතා සංවිධානය කිරීම සඳහා මැදිහත් වූ පුද්ගලයෙකු බවද වාර්තා වේ.
පොලීසිය පවසන්නේ මැයි 09 වැනිදා නිට්ටඹුව ප්‍රදේශයේ පැවති කලහකාරී සිදුවීම්වලට මෙම පුද්ගලයා සම්බන්ධ බවයි.
ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසනවා.