ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව යුරෝපා ශ්‍රී ලාංකිකයින් අද (28) ජිනීවාහි උද්ඝෝෂණයක…
ශ්‍රී ලංකාව තුළ සිදුවන රාජ්‍ය මර්ධනයට එරෙහිව යුරෝපා ශ්‍රි ලාංකිකයන් හෙට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.
අද (28) ජිනීවා වේලාවෙන් පෙරවරු 11 සිට පස්වරු 1 දක්වා මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමියතය.
මර්ධනය නවත්වනු, ජන මතයට එරෙහි පාර්ලිමේන්තුව විසුරුවනු යන තේමාව ඔස්සේ මෙම උද්ඝෝෂණය පැවැත්වෙනු ඇත.
ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත යොදාගෙන ජන අරගලයේ ක්‍රියාකාරී ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීම, රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම, අරගලකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ලෝකයට හඬ නැගීම මෙම විරෝධතා ව්‍යාපාරයේ මුඛ්‍ය පරමාර්ථයක් වී තිබේ.
රාජ්‍ය මර්ධනයට එරෙහිව පැවැත්වෙන මෙම උද්ඝෝෂණයට එක්වීමට යුරෝපයේ සෑම රටකින්ම පිරිස් සංවිධානය වෙමින් ඇතැයි වාර්තා වේ.
ඊයේ ප්‍රංශයේ දී ප්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විනි.