ඊයේ අත්අඩංගුවට ගත් අන්තරේ 28 දෙනෙකුට ඇප (Video)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාව අතුරතුර ඊයේ අත්අඩංගුවට ගත් 28 දෙනෙකු ඇප මත මුදාහැරුණා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විරෝධතා පාගමනක් ආරම්භ කළේ රැදවුම් නියෝග මත රදවාගෙන සිටින එම බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනා නිදහස් කර ලෙස ඉල්ලමිනුයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මරදාන එල්ෆින්ස්ටන් රගහල අසලින් ආරම්භ වූ පාගමන ටෙක්නිකල් හන්දියට පැමිණි විට එය නතර කරන ලෙස පොලිසිය දැනුම් දුන්නා.

ඒ සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. උද්ඝෝෂණකරුවන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර ද එල්ලකළා.

මෙහිදී අත්අඩංගුවට ගත් 28 දෙනෙකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට අද ඉදිරිපත් කෙරුණා. ඔවුන් පෞද්ගලික ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාවරයා නියෝග කළා.

ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් සහ සාලිය පීරිස් යන නීතිඥ මඩුල්ල පෙනීසිටියා.

ආණ්ඩුව වරදක් කරනවා නම් එය පෙන්වා දී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම , සාමාන්‍ය ජනතාවට උද්ඝෝෂණ කිරීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇතයි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා පෙන්වා දුන් අතර, බිම වැඩිවී සිටින අයට පොලීසියෙන් පහර දෙන චායාරුප උසාවියට ඉදරිපත් කළ බවද වැඩිදුරටත් ඔහු , මාධ්‍ය වෙත අදහස් පළකළේය.