හිටපු ජනාධිපති ගෝඨාභය අනිද්දා මෙරටට පැමිණීමට සූදානමින් ?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා (03) දිනයේ ආපසු මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
ඒ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මාලදිවයින, සිංගප්පූරුව හරහා තායිලන්තයට ගොස් එහි සති කිහිපයක් ගත කිරීමෙන් පසුවයි ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්රසාද හිමිවනු ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන ලේකම් සාගර කාරියවසම් සඳහන් කළා.
ගෝටාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්රසාද හිමිවනු ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.
අගෝස්තු 24 වැනිදා ඒ මහතා මෙරටට පැමිණෙන්නේ යැයි වාර්තා වීමත් සමග සමාජ ජාල ඔස්සේ සංවිධානය කළ පිළිගැනීම් හෙට දිනයේ එයාකාරයෙන්ම නොපැවැත්වෙනු ඇති බවද වාර්තා වේ.