වසර 70ක් සිහසුන හෙබවූ එලිසබෙත් මහ රැජිණ දිවියට සමුදෙයි
96 වැනි වියේ පසු වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින මිය ගිය බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
දෙවන එලිසබෙත් රැජින බි්රතාන්ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රජකම් කළ රජු වූ අතර ලොව වයස්ගතම රාජ්‍ය නායිකාව ද වුවාය.
මේ වනවිටත් රැජිනගේ දරුවන් සියලු දෙනා ඇය රැඳී සිටින ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයට පැමිණ
ඇයගේ මරණයෙන් පසු, රැජිනගේ වැඩිමහල් පුත්‍රයා සහ උරුමක්කාරයා වන හිටපු වේල්ස් ප්‍රාන්තයේ කුමරු වූ චාල්ස් එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය 14ක රජු බවට පත් විය.
ඉදිරි දින කිහිපය තුළ කුමක් සිදුවේද යන්න පිළිබඳව නිල තොරතුරු කිසිවක් ප්‍රකාශයට පත් කර නැත, නමුත් රජෙකුගේ මරණය සනිටුහන් කිරීම සඳහා සම්ප්‍රදායිකව රැජිනට පූර්ණ රාජ්‍ය අවමංගල්‍යයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඇයගේ දේහය මහජනතාවට ගෞරව දැක්වීමට ඉඩ සැලසෙන පරිදි තැන්පත් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.