ගොවීන්ට ඩොලර් මිලියන 40 ක ප්‍රදානයක් : US Aid ප්‍රධානී සමන්තා පවර්

ශ්‍රී ලංකාවට පැමිණි US Aid ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පස්වරුවේ ජා-ඇල ප්‍රදේශයේ සංචාරයක නිරත වූවාය. ඒ, ගොවීන්ගේ වී වගා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

ගොවීන්ගේ දුක් ගැනවිලි පිළිබඳව විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමන්තා පවර් මහත්මිය සඳහන් කළේ මෙරට ගොවීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40 ක ප්‍රදානයක් ලබාදීමට තීරණය කර ඇති බවයි. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හරහා මෙම මුදල් ලබාදෙන බවද ඇය ප්‍රකාශ කළාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ යටතේ ගොවීන් මිලියනයකට අධික පිරිසක් ප්‍රතිලාභ ලබන බවත් මීලඟ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා සහ ගොවීන්ගේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් අදාල මුදල් යොදවනු ඇති බවත් සමන්තා පවර් මහත්මිය සඳහන් කරනවා.