දමිතා අබේරත්නව ශරීර ඇප මත මුදාහරී (Video)
කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත්තේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 ක් මත ඇය මුදා හරින ලෙසයි.
ඒ ඇයව අද(12) කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
දමිතා අබේරත්න මහත්මිය පසුගිය (07) වනදා රාත්රී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් දියත උයන පරිශ්රයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපළවලට හානි කිරිමේ චෝදනා යටතේයි.