ලංකාවේ තරුණ ප්‍රජාව ගැන විශ්වාසයි : නීතීඥ සංගමයටත් ප්‍රශංසා! – අමෙරිකානු තානාපතිනිය

ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම්, නීතිය, යහපාලනය සහ විනිවිදභාවය වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගන බව ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලි චං මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ, ලංකා තරුණ මුස්ලිම් සංවිධානය හමුවෙමින් ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදි ජූලි චං මහත්මිය වැඩි දුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව රට සාමකාමී ,එකමුතු සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

නව පරපුරේ නායකයින් අනෙක් ප්‍රජාවන්ට ගරු කරමින් සහ ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන් සමග එක්ව වැඩ කිරීමේ වැදගත්කම ද තානාපතිවරිය මෙහිදී පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ඇතුළු නිතීඥ ප්‍රජාව සත්‍ය ප්‍රකාශ කිරීමටත් , නිතීයේ අධිපත්‍ය සුරැකීමටත් දරණ වැයම ද ඇය මෙහිදී පැසසුමට ලක් කර බව සඳහන් ය.