පඩි ගෙවන්නවත් සල්ලි නෑ, IMF නිසා අච්චු ගහන්නත් බෑ : අමාත්‍ය බන්දුල ගුණවර්ධන

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා හෝ ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ හේතුවෙන් රජය දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මීට පෙර මුදල් නෝට්ටු මුද්‍රණය කර හෝ වැටුප් ගෙවා දැමීමට කටයුතු කළ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතා හේතුවෙන් මුදල් මුද්‍රණයද සිදු කිරීමට නොහැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.