උද්ඝෝෂණ කරන්න පැය හයකට කලින් පොලිසියෙන් අවසර ගත යුතුයි

විරෝධතාවත් පැවැත්වීමට පැය 6 කට කලින් පොලිසිය දැනුවත් කර ඊට අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කරයි.

රට තුල සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බවද ඔහු පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

කොළඹ නගරයේ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් අධිආරක්ෂක කලාප නම් කරනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවත් ඔහු එහිදී පැවසීය.