පොලිසිය , කොළඹ ප්‍රදේශයේ ගෙවල්වලට ගිහින් අලුත් සෙල්ලමක් පටන් ගනී! ඇමැති දන්නෙත් නෑ!

කොළඹ ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් ‌පොලිසිය ඒවායේ සිටින ජනතාවගේ තොරතුරු එක්රැස් කිරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.

තමන් ඒ පිළිබදව කළ විමසීමකදී අරගලයෙන් පසුව මෙය ආරම්භ කොට ඇති බව පොලිස් නිලධාරියෙක් දැනුම් දුන් බව ඒ මහතා පෙන්වා දෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ සම්බන්ධයෙන් තමන් මහජන ආරක්ෂක ඇමතිවරයාට කතා කොට ‘මෙය පොලිස් රාජ්‍යයක්ද’ යැයි විමසා සිටි බවත්, අමාත්‍යවරයා මෙවැනි සිදුවීමක් පිළිබදව නොදන්නා බව දැන්වූ බවත් මනෝ ගනේෂන් මහතා කියයි