තිළිණි ළඟ කෝටි 75ක් දැමූ ආචාර්ය උපාධිධාරී ව්‍යාපාරිකයෙක් CIDයට : බිස්නස්කාරයන් බ්ලැක්මේල් කළ නිළියන්….
තිළිණි ළඟ කෝටි 75ක් දැමූ ආචාර්ය උපාධිධාරී ව්‍යාපාරිකයෙක් CIDයට එයි! හිටපු ප්‍රබල ඇමැතිගේ ගෝලයෙක් අද හෙටම අත්අඩංගුවට!
බිස්නස්කාරයන් බ්ලැක්මේල් කළ නිළියන්ගේත් රෙදි ගැලවෙයි!
කොළඹ කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ සිය කාර්යාලය පවත්වාගෙන යමින් මහා පරිමාණයේ මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවට හසුවූ රුපියල් කෝටි 75ක් අහිමි කරගත් ව්‍යාපාරිකයකු ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ආචාර්ය උපාධිධාරියෙක් වන එම ව්‍යාපාරිකයාට මලයාසියාව සමඟ ව්‍යාපාරික ගනුදෙනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ ව්‍යාපාරිකයා වැදගත් තොරතුරු රැසක් හෙළි කරන බවත් ඒ ඔස්සේ ඉදිරි විමර්ශන පවත්වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.
මෙරට ජනප්‍රිය නිළියක් යොදා මේ ව්‍යාපාරිකයාව ‘බ්ලැක්මේල්‘ කිරීමට පවා තිළිණි ප්‍රියමාලි කටයුතු කර ඇති බවද සඳහන්ය.
ඒ අනුව ඉදිරියේදී තිළිණි ප්‍රියමාලිගේ කොන්ත්රාත්වලට අනුව ව්‍යාපාරිකයන් බ්ලැක්මේල් කළ නිළියන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීමට ද සූදානම් වන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ වංචාව ඇය විසින් තනිවම කර නැති බවත් ඇය සමඟ මේ වංචාවට සම්බන්ධ වූ තවත් අයකු ගැන පැහැදිලි තොරතුරු දැනට ලැබී ඇති පැමිණිලිවලින් අනාවරණය වෙමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2015ට පෙර පැවති ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරයකුගේ සමීපයේ සිටි එම පුද්ගලයාව අද හෙටම අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඇගේ සැමියා ලෙසද පෙනී සිටි මේ පුද්ගලයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ ගෙන ඇති බවද සඳහන්ය.
ප්‍රියමාලිගෙ ඩීල්වලට කැබිනට් ඇමැතිවරු දෙන්නෙකුත් සම්බන්ධයි?
තමන් ළඟ මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු සූක්ෂ්ම ලෙස භාවිත කිරීමට, මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි කටයුතු කර ඇති බව විමර්ශෂනවලදී අනාවරණ වී ඇත.
ඔවුන්ගෙන්ද මෙම කාන්තාව මුදල් ආයෝජන ලබාගෙන ඇති අතර ඒවා නිසි කලට වෙලාවට පියවා ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට කටයුතු කර ඇති බව මෙම ආරංචි මාර්ග අනාවරණය කරයි.
වාර්තා වන ආකාරයට මෙම අමාත්‍යවරුන්ගෙන් අයකු මෑතදී රජයට එක්වූ තරුණ අමාත්‍යවරයෙකි.
ව්‍යාපාරික සබඳතා සහිත මෙම තරුණ අමාත්‍යවරයාගෙන් ආයෝජන ලෙස මුදල් ලබාගෙන ඇති අතර, තිළිණි කර ඇත්තේ අදාළ ගනුදෙනු නිසි කලට පියවා තමන් ඉලක්ක කරන සෙසු ආයෝජකයන්ට ‘අහවල් ඇමතිතුමාත් මේකට සල්ලි දැම්මා, වෙලාවට ගනුදෙනු කළා. බොරු නම් අහල බලන්න’ යනුවෙන් ප්‍රකාශ කිරීමයි.
අදාළ අමාත්‍යවරයා දන්නා පුද්ගලයන් ඔහුගෙන් මෙම කාන්තාව පිළිබඳ විමසූ විට තමන්ට මුදල් ආයෝජනය කළ බවත් අදාළ ප්රතිලාභ නියමිත ආකාරයට ලබාදුන් බවත් සඳහන් කර ඇති බව කියවේ.
තිළිනි සෙසු ආයෝජකයන්ගේ විශ්වාසය ලබාගැනීම සඳහා එලෙස සූක්ෂ්ම ලෙසින් මෙම තරුණ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධ කරගෙන ඇත.
අදාළ සැකකාර කාන්තාව පිළිබඳ සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් මේ වනවිට විමර්ශන අංශ විසින් අනාවරණ කරනු ලැබ ඇති අතර ඇය මීට අමතරව විවිධ ප්‍රභූ කාන්තාවන්ද සූක්ෂ්මව සිය ප්‍රචාරණයට සම්බන්ධ කරගෙන ඇති බව ද වාර්තා වේ.