දරුවෙකුගේ හිසට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ SI රිමාන්ඩ් !

දරුවෙකුට වෙඩිවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිහගොඩ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුව මාතර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු එලෙස නොවැම්බර් 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී මෙම වෙඩිප්‍රහාරය එල්ලවී තිබුනේ ඊයේ (28) පස්වරු 4.30ට පමණය.

තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ පිරිසක් පොලීසියට අයත් ත්‍රිරෝද රථයකින් මෙහෙයුමක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මාර්ගය පුරා ධාවනය කරමින් තිබූ තවත් ත්‍රිරෝද රථයක් දැක එය හඹාගොස් නවත්වා පරීක්ෂා කර ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරියාගේ ගිනිඅවියක් ක්‍රියාත්මක වී දරුවෙකුගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබුණි.

මාතර තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී පොලිස් ගිනිඅවියක් ක්‍රියාත්මක වී තුවාල සිදුවූ දරුවාගේ තත්ත්වය රෝහල්ගත කරන විට සිටි තත්ත්වයට වඩා යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.