අද විරෝධතාරුවන්ට කෙළින්නට ගිය පිස්සුවක් පොලිස් පොඩ්ඩන් පොලිස්පති දැනුවත් කර වළක්වා ගනී!
අද කොළඹ පැවති විරෝධතාවයට එක්වී සිටි විරෝධතාරුවන්ට පහර දී පලවා හැරීම සඳහා බස්නාහිර පොලිස් ප්‍රධානියෙක් විසින් ලබා දුන් අනීතික නියෝග භූමියේ සිටි පොලිස් නිලධාරීන් විසින් පිළිනොපැදීමට තරම් විචක්ෂණ වීම නිසා රටට සිදුවීමටට ගිය බරපතල ව්‍යසනයක් මගහැරී ගිය බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
උද්ඝෝෂණ ස්ථානයට නොපැමිණ වෙනත් තැනක රැඳී සිට ඔහු විසින් දිගින් දිගටම ලබා දෙන අනීතික නියෝග පිලිබඳව භූමියේ සිටි නිලධාරීන් පොලිස්පතිවරයා විමසා උපදෙස් ලබාගෙන ඇත.
එහිදී පොලිස්පතිවරයා දැඩිව නියෝග කර ඇත්තේ රටේ නීතියට පිටින් කිසිම අවස්ථාවක බලය පාවිච්චි කිරීමෙන් වැළකී තත්ත්වය කළමනාකරණය කරන ලෙසය.
සමහර ඉහළ පොලිස් නිලධාරීන් දේශපාලකයින් සතුටු කිරීම සඳහා මෙම විරෝධතාවය වැලැක්වීමට අද උදෑසන සිට ඉතාම ලාභ උපක්‍රම භාවිතා කරමින් රට ඉදිරියේ පොලිසිය විහිළුවක් බවට පත් කර තිබිණි.
මේ අවස්ථාවේ දී මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පොලිසිය කටයුතු කරන්නේ රටේ ව්‍යවස්ථාවටත් පටහැනිව බවය.
විරෝධතාවය සමීපව නිරීක්ෂණය කිරීමට කණ්ඩායම් යොදවන බව මානව හිමිකම් කොමිසම නිවේදනය කළේය.
අද සවස 3.30ට ට්විටර් පණිවිඩයක් තබමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් ප්‍රකාශ කළේ ආණ්ඩුව සාමකාමී විරෝධතාවලට ඉඩ දිය යුතු බවත්, එය ජනතාවගේ අයිතිවාසිකමක් බවත්ය.