බෙනඩික්ට් හිටපු පාප් තුමෝ ස්වර්ගස්ථවෙති

16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ වතිකානයේදී ස්වර්ගස්ථ වූහ.

ස්වර්ගස්ථ වනවිට උන්වහන්සේ 95 හැවිරිදි වියේ පසුවූහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

උන්වහන්සේ සෙනසුරාදා පෙරවරු 9.34 ට වතිකානුවේ Mater Ecclesiae ආරාමයේ පිහිටි උන්වහනසේගේ ආරාමයේ දී  ස්වර්ගස්ථ වූ බව වතිකානුව නිවේදනය කළේය.

“XVI වැනි බෙනඩික්ට් පාප් වහන්සේ පියතුමාගේ නිවසට පැමිණ ඇත” වතිකානුව එම පණිවිඩය නිවේදනය කළේ එසේය.

“2023 ජනවාරි 2 වන සඳුදා උදෑසන වන විට, පාප් වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් වනු ඇත, එබැවින් ඇදහිලිවන්තයන්ට සමුගැනීමට හැකි වනු ඇත,” වතිකානුව පැවසීය.

අවසන් කටයුතු ඉදිරි පැය කිහිපය තුළ දැනුම් දෙන බව වතිකානුව පවසයි.