පොරොන්දු පරිදි ඡන්දය තියන්න බෑ : මැතිවරණ කොමිසම
මුදල් නොමැති වීම නිසා පළාත් පාලන ඡන්දය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි බව මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.
මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ 23 දාට පසු ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධව දැනුම් දෙන බවය.
ඡන්දය සඳහා මේ ගැටලුව නිර්මාණය වූයේ මුද්‍රණ කටයුතු සඳහා මුදල් අවශ්‍ය බව රජයේ මුද්රණාලාධිපිතිනිය වූ ගංගානි ලියනගේ විසින් දැන්වීමෙන් අනතුරුවය.
පසුව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිිවර්ධන මැතිවරණය සඳහා මේ අවස්ථාවේ දී මුදල් වෙන් කිරීම අතිශයින්ම දුෂ්කර බව ඊයේ මැතිවරණ කොමිස