ටවුන්හෝල් උණුසුම්.. ජාතික ජන බලවේගයේ විරෝධතාවයට අවසන් නිවේදනය

මේ වනවිට ජාතික ජන බලවේගයේ විරෝධතාවය කොළඹ නගර ශාලාව ඉදිරියේ උණුසුම් තත්වයක් ගෙන තිබේ.

දැවැන්ත පොලිස් බලමුලුවක් කැරළි මර්ධන පොලිසිය සමග එක්ව ජල ප්‍රහාරක රථද ද සහිව නගරශාලාව දිරියේ දී ජනතා විරෝධතා පා ගමන නවත්වනු ලැබුවේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොලිසිය ඉදිරියට නොඑන ලෙස විරෝධතා පා ගමනට නිවේදනය කළේය.

අනතුරුව ජතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, වසන්ත සමරසිංහ ඇතුළු දේශපාලන නායකයින් ද නීතිඥවරුන් ද පොලිසිය සමග සාකච්ඡා කරමින් ඇත.

පොලිසිය විරෝධතා පා ගමන වළක්වමින් දැඩි ස්ථාවරයක පසුවේ. විශාල ජනතාවක් ලිප්ටන් වටරවුම අවට එක් වී ඇත.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකු සහ ඔවුන්ගේ නියෝජිතයන්ට කොළඹ ලිප්ටන් වටරවුම ඇතුළු  රෝහල් චතුරස්‍ර කළාපයට ඇතුලුවීම, එම ප්‍රදේශයේ පදිකාවේදිකා අවහිර කිරමින් උද්ඝෝෂණය කිරීම, පෙළපාලි කිරීම වළක්වාලමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබේ.

ජාතික රෝහල, ඇස් රෝහල, හෘද රෝහල, මරදාන ප්‍රධාන රෝහල් චතුරශ්‍රයන් හි කටයුතුවලට බාධා වන අයුරින් ඒ ආශ්‍රිත ප්‍රදේශවලට උද්ඝෝෂකයින්ට ඇතුලුවීම වළක්වාලමින් මාළිගාකන්ද අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

එමෙන්ම ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර, සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මහාමාර්ගය සහ පදික වේදිකා අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ පෙළපාලි සිදු කිරීම ද තහනම් කර ඇත.

මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ නියෝග කර තිබුණේ මෙම උද්ඝෝෂකයන්ට ජනාධිපති මන්දිරය සහ කාර්යාලය මුදල් අමාත්‍යාංශය මෙන්ම ගාලු මුවදොරට පෙළපාලිවලින් ඇතුලුවීම තහනම් බවය.

කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බව මෙම නියෝගවල දැක්වේ.