ඉහළට යන රුපියල වසර අවසානයේ මෙතෙක් නොවූ බරපතල බිඳ වැටීමක… ෆිච් අනතුරු අඟවයි !

පසුගිය දින කිහිපය තුළ වේගයෙන් අගය වැඩි වීමට ලක්වූ ලංකාව රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව යළිත් බිඳ වැටීම් ඉඩක් පවතින බවත් මේ වසර අවසානය වනවිට රුපියලේ අගයට සාපෙක්ෂ ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 390ක් දක්වා පහළට යා හැකි බවටත් ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන ෆිච් සොලූෂන්ස් ආයතනය පවසයි.

මෙම ආයතනය පවසන්නේ මේ වනවිට ණය ගෙවීමේ පැහැර හැර සිටින ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහනය ලැබීමෙන් පසුව ක්‍රමයෙන් සිය ණය අපසු ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවනු ඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ හරහා ඩොලරය මත ඇති වන පීඩනය හේතුවෙන් යළිත් රුපියලේ අගය අවපාතයට ලක්විය හැකි බව ෆිච් ආයතනය පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන එම ආයතනයේ ශ්‍රි ලංකාවේ මූල්‍ය අවදානම් විශ්ෂෙක ෂෙ වෑන් ටින්ග් පවසන්නේ 2023 වසරේ දෙවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට අදාළ අනුමැතිය ලැබෙනු ඇති බවය.

එසේ වුවද, දුර්වල ආර්ථික ක්‍රියාකාරීත්වය සහ යෝජනා වී ඇති පළාත් පාලන මැතිවරණයක් අතරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිස ගත් වැඩසටහන සමඟ රැඳී සිටීම ශ්‍රි ලංකාවේ බළධාරීන්ට මහත් අභියෝගයක් වනු ඇති බව ඔහුගේ අදහස වී තිබේ.

පසුගිය වසරට සාපෙක්ෂව සියයට 15ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියලේ අගය සාපෙක්ෂව ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 317ක මට්ටමට ඉහළ නැංවුණද වසර අවසන් වන විට ඩොලරයක් සඳහා වාර්තාගත අවම අගයක් විය හැකි රුපියල් 390 දක්වා රුපියල දුර්වල වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් ආයතනය පුරෝකථනය කර ඇත.