15 වැනිදා වන විට සමස්ත රාජ්‍ය සේවයම අඛණ්ඩ වැඩ වර්ජනයකට : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ලබන 15 වැනිදා වන විට සමස්ත රාජ්‍ය සේවයම අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ඕනෑම මර්දනයකට මුහුණ දීමට සූදානම් බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ආණ්ඩුව හැකි දෙයක් කරන ලෙසද ඔහු පවසන ඔහු තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉල්ලීම් දිනා ගන්නා තෙක් පාලකයන් ඇහුම්කන් තෙක් ඉදිරියට ගෙන යන බවත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.